0
අවශ්‍ය දේවල්

මේ ප්‍රමාණ 4 දෙනෙකුට ඇති හොදේ
සුදු කැකුළු හාල් කෝප්ප 3
ගා ගත් පොල් මේස හැඳි 2
මිටි පොල් කිරි කෝප්ප 2
ඊස්ට් තේ හැඳි 1/8 (ආප්ප සෝඩා දානවා නම් තේ හැදි 1/4)
වතුර ටිකක්
සීනි ටිකක්
පොල් ගෙඩියක පොල් වතුර


හදන විදිය

මුලින්ම හාල් රැයක් පෙගෙන්න දමන්න..අඩුම ගනෙ පැය 6ක් වත්....පැය 10ක් විතර පෙගෙන්න තිබ්බ නම් හොදයි
පස්සෙ හාල් ග්‍රයින්ඩරේට දමා පොල් , පොල් වතුර, තෙත ගතිය මදි නම් පමනක් වතුර ටිකක් දාලා අඹරා ගන්න.. මිශ්‍රනය ක්‍රීම් එකක් වගේ වෙන්න ඔනි.. හාල් කැට තියෙන්න බෑ හොදේ..
ඊට පස්සෙ ඊස්ට් ටිකට වතුර ටිකක් සහ සීනි ස්වල්පයක් දාලා ටික වේලාවක් තියන්න..
ඊස්ට් දිය උනට පස්සෙ පිටි මිශ්‍රනයට එකතු කරන්න හොදින් කලවම් කර පැය 6ක් පමණ වසා තබන්න..
* මෙය තරමක් ඝනකම මිශ්‍රනයක් විය යුතුයි...
පසුව පිපුණු මිශ්‍රනයට සීනි තේ හැන්දක් , රස අනුව ලුණු, මිටි කිරි කෝප්ප 2 දමා කලවම් කරන්න..
දැන් නැවත වසා තබා විනඩි 30ක් පැයක් පමණ තියන්න..
ඔන්න ඊට පස්සෙ අප්ප මිශ්‍රනය ලෑස්තියි...
දැන් තියෙන්නෙ ආප්ප තාච්චියට හොදින් තෙල් ටිකක් තවර ගෙන මද ගින්දරේ ආප්ප ටික පුච්ච ගන්න එක....

* ඔන්න මතක් කරන්න ඔනි දෙයක් තමයි... *

*අාප්ප තච්චියේ ආප්ප හදන්න කලින්ම තෙල් ටිකක් ගාලා තියන්න.. ඒ කියන්නේ රෑට අප්ප හදනවා නම් උදේ ආප්ප තාච්චි වල තෙල් ටිකක් ගාල තියන්න..එතකොට ගලව ගන්නා පහසු වෙනවා...

* එත් අප්පෙ බැරි වෙලාවත් ගැලවෙන්නෙ නැත්තම් ඔයාලට කරන්න තියෙන්නේ ආප්ප මිශ්‍රනයට බිත්තරයක් දමා හොදින් කලවම් කරන එක..මම නම් බිත්තර දැම්මේ නෑ.. එත් ආප්ප හොදින් ගැලවුනා..

*ආප්ප වලට එයටම පදම් උන තාච්චියක් ගන්නවා නම් ගොඩක් හොදයි...

* ආප්ප පුච්චන හැම වාරෙකම තෙල් ටිකක් ගා ගන්න

 * මේ මිශ්‍රනයේ මම කලින් පොල් ටිකක් එකතු කලේ ආප්ප තාච්චියේ නොඇලීම සදහා තමයි...

 *මේ ඔක්කොම කරන්න ඔනි ඇලුමිනියම් ආප්ප තාච්චි ගන්නවා නම් විතරයි... නන්ස්ටික් තාච්චියක් නම් තෙල් ගාන්න ඔනි නෑ.. ඇලෙන්නේ නෑ.. ලේසියි 

** දැන් අපි බලමු ආප්ප ඇලුතෙන්ම ගත්තු තාච්චියක් පදම් කරගන්නේ කොහොමද කියල

**  නන්ස්ටික් ආප්ප තාච්චි ටියෙන අයට නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. ;

*එත් ඇලුමිනියම් ආප්ප තාච්චිය එහෙම ලෙසියෙන් ගැලවෙනවා හොරයි * ඉතින් අපි කරන්න ඔනි ගොරකා ටිකක් අරගෙන තාච්චියට දාලා වතුර දාලා හොදට තම්බා ගන්න එක...

*ඊට පස්සෙ තැම්බුනු ගොරකා ටික තාච්චියේ හොදින් අතුල්ලන්න...

*පස්සේ පිරිසිදු වතුරෙන් සෝදලා තෙල් ටිකක් ගාලා පදම් වෙන්න තියන්න

 ****** මේ විදිහට ආප්ප හදලා බලන්නකෝ ඔයාලත් *******

ආප්ප කන්න සීනි සම්බල් හදන හැටි

Hansika Sachini added photos to ඔන්න මගේ රෙසිපියකට හදා ගත්තු ආප්ප... in ඉවුම් පිහුම්.

Post a Comment

 
Top