1


අවශ්‍යකරන දේවල්
  • ඕනාම බොන පිටි ජාතියකින් පිටි මේසහැදි 8
  • පාන් පිටි මේසහැදි 2
  • බේකින් පවුඩර් තේහැදි 1
  • බටර් තේහැදි 1 1/2 හෝ 2
  • වතුර ටිකක්.

මුලින් මේ සියල්ල එකට හොදින් මිශ්‍ර කර වතුර ටික ටික දමා හොදින් සෝප්ට් පිටි මිශ්‍රනයක් හදා ගන්න.

ගොඩක් සෝප්ට් වුනාට කමක් නැහැ.මොකද ටික වේලාවක් ගියාම පිටි ටික වේලෙන ගතියක් එන නිසා.

පසු මිශ්‍රනය හොදින් අනා ගන්න.පසු තෙත රෙද්දකින් වසා විනාඩි 15 තියන්න.

පසු සමාන්‍ය සයිස් බෝල හදා ගන්න. පසු තාච්චියක් ලිප තියා එකට තෙල් හෝ ගී දමා අඩු ගින්දරේ රත් වෙන්න තියන්න.

පසු හදා ගත් පිටි බෝල ටික දමා ගෝල්ඩන් බ්‍රවුන් වනතුරු බැද සුගර් සිරප් එකේ දමා ගන්න.

සුගර් සිරප් හදා ගන්නේ සිනි 200g කට වතුර 50ml පමණ දමා හොදින් උණු කරන්න.එකට කුරුදුපොතු කැලි 2 හා රෝස් වෝටර් ටිකකුත් දමා හොදින් උණු කරන්න.


 රෙසිපියේ අයිතිකාරිය Kanchana Joseph

Post a Comment

 
Top