0
ආප්ප කන්න සිනි සම්බෝල (සීනි සම්බල්)

මුලින් ලුනු දිග අතට හිනියට කපා ගන්න.
පසු එක භාජනයකට දමා ගෙන එකට රස අනුව ලුණු හා සියබලා ඉස්ම දමා ගන්න.
දැන් ලිපේ තියා ගෙන ටික වේලාවකින් එකට උම්බලකඩ හා කැලි මිරිස් කුඩු දමා හොදින් මිශ්‍ර කරන්න.
මේකට රම්පේ ටිකක්/කරදමුංගු ටිකක්/කුරුදු පොතු කැලි ටිකක් දමා ගන්න.
පසු මේ ලුනු ටික හොදින් මැලවෙන්න තියන්න.
එකට ඔයාලා කැමති ප්‍රමාණයට සිනි ද දමා ගන්න.
පසු ලුනු වල වතුර ගතිය ගියාම එකට තෙල් ටිකක් දමා ගෙන ලිපේ ගින්දර අඩු කර ගන්න.
දැන් නිතරම මේ සිනි සම්බෝල ටික එහාට මෙහාට පෙරලන්න.
නැතිනම් යට හරිය කලු වෙන්න බලයි.
මේ වගේ ලුනු ටික ටි වේලාවක් ලිපේ තියා ගෙන කලවම් කරන කොට පෙනෙවි ලුනු මිශ්‍රනය එකට ගුලි වෙන අකාරය.
එ වගේම පාටත් ලස්සනට එනවා.
එ කියන්නේ දැන් සිනි සම්බෝල මිශ්‍රනය හරි.
දැන් ලිප නිවා ගන්න

ආප්ප හදන හැටි මෙතනින් දැනගන්න
Next
Newer Post
Previous
This is the last post.

Post a Comment

 
Top