0
චිත්‍රපටය නමින් PK.නමේතේරුම චිත්‍රපටය බලද්දී වැටහේවි. මේ චිත්‍රපටය මොකක්ද? කවුද නළුවා මේ දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැනටමත් ඉන්දියාවේ වගේම විදේශයන්හීත් පෙරළිකාර ආදායම් වාර්තා තබමින් මෙය තිරගත වෙනවා. අමීර් ඛාන් සහ අනුෂ්කා ශර්මා විසින් ප්‍රධාන චරිත හොබවන PK, අධ්‍යක්ෂනය කරන්නේ 2010 වසරේ ආදායම් වාර්තා තැබූ 3 Idiot චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Rajkumar Hirani විසින්. නිෂ්පාදන දායක්තවය, Rajkumar Hirani, Vidhu Vinod Chopra සහ Siddharth Roy Kapur ගෙනි. සංගීත අධ්‍යක්ෂනය Ajay Atul, Shantanu Moitra සහ Ankit Tiwari. IMDb දත්ත සටහනේ 8.8 ක ඉතා ඉහළ අගයකට හිමිකම් කියන PK, සමාජයේ ඇති ඉතාම පැහැදිලි ගැටළුවක් නිර්මාණාත්මක ප්‍රශ්න කරන චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වුනේ ගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා. දැනට ඉන්දියානු රුපියල් කෝටි 492 ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය, දෙවැනි වන්නේ ආමීර් ඛාන්ගේම Dhoom 3 චිත්‍රපටයේ වාර්තාවට පමණයි. මෙය නොබෝ දිනකින්ම ඉන්දියානු රුපියල් කෝටි 500 ආදායම පසු කළ දෙවන චිත්‍රපටය බවට පත්වනු ඇති. චිත්‍රපටය ගැන දැනගත්තනේ, දැන් බලමු කතාව මොන වගේද කියලා. චිත්‍රපටය ආරම්භ වන්නේ, පිටසක්වළින් පැමිණෙන අභ්‍යාවකාශ යානාවකින් අපේ ලෝකයට/ඉන්දියාවට ගොඩ බසින අභ්‍යාවකාශගාමියෙකුගෙන්. මොහුගේ විශේෂත්වය තමයි, පෘථිවිය පර්යේෂනය ලක් කරන්න පැමිණ තිබෙන්නේ, නිරුවතින් වීම. පොළවට පැමිණෙනවාත් එක්කම මේ පිටස්වළ ජීවියා සතු යම් කිසි උපකරණයක්, මෙලොව සිටින කපටි සොරෙකු විසින් සොරකම් කෙරෙනවා. ඒ උපකරණය නැතිව ඔහුට නැවත තමන්ගේ ලෝකය වෙත යා නොහැකි බවයි කියවෙන්නේ. මෙහෙම කියනකොට සාම්ප්‍රදායික පිටසක්වළ කතාවක් කියලා හිතෙනවා ඇති. නැහැ. එහෙම නෙවෙයි. මේ පිටසක්වළ ජීවියා මෙලොව පය තියපු දා ඉඳන් උත්සාහ කරන්නේ ආපසු තමන්ගේ නිවස වෙත යාමටයි. ඒ සඳහා ඔහුට ඔහුගේ නැති වූ උපකරණය අවශ්‍ය වෙනවා. ඒ උපකරණය ලබා ගන්න ඔහු දෙවියන්ගේ පිහිට පතනවා. දෙවියන් ඔහුට පිහිට වෙයිද? දෙවියන් සොයා සැරිසරන මේ පිටසක්වළ ජීවියාව මාධ්‍යවේදිනියකට මුණ ගැහෙනවා. ඇයට හැකි වේවිද ඔහුට මේ උපකරණය සොයා දෙන්නට. දෙවියන්ට අභියෝග කරන පිටසක්වළ ජීවියෙකුගේ පෘථිවි ආගමනය රැගත් PK චිත්‍රපටය නරඹන්න ඔබට බාරයි. ෆිල්ම් එක භාගන්නයි සිංහල උපසිරසි ගන්නයි මෙතනට යන්න

Post a Comment

 
Top