0
දක්ෂ ජායාරූපශිල්පියෙක්ට පුලුවන් අපි සාමාන්‍ය විදියට දකින දේ අසාමාන්‍ය විදියට අළුත් කෝණයකින් දකින්න. Edy Hardjo කියන්නෙත් අන්න ඒ වගේ නිර්මාණශිලි අදහස් තියන ඡායාරූප ශිල්පියෙක්.ඔහු සිතන විදියට සුපිරි වීරයන්ගේ ක්‍රියාකාරකම් superhero action figures කියන්නේ ළමුන්ට විතරක් නෙවෙයි වැඩිහිටි අපිටත් රසවිදින්න පුලුවන් කලාවක්. Edy Hardjo ගේ උපකල්පන මත ගොඩ නැගුනු සුපිරි වීරයන්ගේ විවිධාකාර වු යම් හාස්‍ය රසයක්ද ගැබ්වුනු විවිධ ඉරියව් තමයි මේ ජායාරෑපවලින් දක්වෙන්නේ.යම් යම් ආධාරක යොදාගෙන තමන්ට අවශ්‍ය විවිධ ඉරියව් වලින් මේ සුපිරි වීරයන්ව රදවල ඡායාරූපවලට නගල, පසුව එම ආධාරකත් ඉවත් කොට පොටෝශොප් වැනි මෘදුකාංගයකුත් යම් පමණකට යොදාගෙන තමයි මේ තාත්වික ඡායාරූප නිර්මාණය කරල තියෙන්නේ.ඉතිං ඔබත් ඡායාරූප කලාවේ යෙදෙන නීරමාණශීලි මනසකින් යුතු කෙනෙක් නම් ඔබටත් පුලුවන් මෙවැනි අළුත් නිර්මාණශීලි දෙයක් ගැන සිතා බලන්න. 

In an interview with Shutterbug, Hardjo explained “I use my daily experience as source of ideas… All I do is replace the ‘usual’ thing with the ‘unusual.'”





















Post a Comment

 
Top