සන්නද්ධ අරගලය බල හුවමාරුවේ මෙවලමක් ලෙස තවදුරටත් නොපිළිගන්නා බව පවසමින්, ජනතා විමුක්ති පෙරමුණ තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වන 'හෘද සාක්ෂියේ සම්මුතිය' එළිදැක්වීම පසුගියදා සිදු කරනු ලැබුවේ ස්වාධින රුපවාහිනී නාලිකාව ( ITN ) ඔස්සේ එම විශේෂ සමුළුව සජීවීව විකාශය කරමිණි.
රටේ වාමාංශික පක්ෂයක් ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ විශාල මුදලක් වැය කරමින් රජයේ ආයතනයක් වන ITN නාලිකාවේ ගුවන් කාලය ලබාගැනීම මෙන්ම එය නොමිලේ ලබාගත් බවට චෝදනාද ඔවුන්ට විරුද්ධව එල්ල වී තිබුණි.මේ පිලිබද ෆේස්බුක් ඔස්සේ විශාල ප්‍රචාරයක් ගිය අතර ෆේස්බුක් වෙබ් අඩවියේ සංසරණය වූ බිල්පතකින් දැක්වුණේ ජවිපෙ සජීවී විකාශය සඳහා ගෙවා ඇත්තේ රු. 54,600ක් පමණක් බවයි. එමෙන්ම එහි 80% ක වට්ටමක් ගැනද සඳහන් වී තිබුණි ..
පසුව 'හෘද සාක්ෂියේ සම්මුතිය' එළිදැක්වීමේ සජීවී විකාශය සඳහා ගුවන් කාලය ලබා ගත්තේ මුදල් ගෙවීමෙන් පසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටි අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද පවසා සිටියේ ගුවන් කාලය වෙන්කරගැනීමට ජවිපෙ රු. 800,000ක් පමණ මුදලක් වැය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
ෆේස්බුක් අඩවිය ඔස්සේ ප්‍රචාරය වු සංස්කරණය කරන ලදැයි සැලකෙන ව්‍යාජ බිල්පත
කෙසේවෙතත් බොහෝදෙනාගෙන් නැගුණු ප්‍රශ්න හා චෝදනා වලට ප්‍රතිචාර ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සත්‍ය බිල්පත ලෙස නම් කරන ලද බිල් පතක් facebook ඔස්සේම ඉදිරිපත් කර ඇත. අනුර දිසානායක මහතාගේ පිළිතුර සහ එම බිල්පත පහත දැක්වේ.
Post a Comment