0
පොතක අන්තර්ගතය එහි පිට කවරය බැලීමෙන් නිගමනය කල නොහැකියි කියල කතාවක් තියනවනේ. සියවස් ගණනාවක්, ඔවුන් මෙය සාමාන්‍ය බුදු පිළිමයක් පමණක් බව සිතුවා. එහෙත් මෑතක දී සිදු කල සී.ටී. ස්කෑන් පරීක්ශනයක් මගින් ඔවුන් පුදුමයට පත්කරමින්, ඇත්තටම එය චීන බෞද්ධ ස්වාමියෙකු වු Master Liuquan ගේ වියළා සකස් කරන (මමි බවට පත් කල) ලද ශරීරය බවටහෙළි වුනා. ඔහු වසර 900 කට පමණ පෙර එනම් 1100AD පමණ කාලයේ ජීවත් වූ බවත්, ඔහුගේ සිරුර මේ ප්රතිමාව තුල ආරක්ෂා වී තිබෙනබවත් පර්යේෂකයන් පවසනවා.

Amersfoort ප්‍රධාන රෝහලේ, Meander වෛද්‍යය මධ්යස්ථානය දී , වසර දහස් ගණනක් පමණ පැරණි මමීය පසුගියදා සී.ටී. ස්කෑන් හා endoscope (සැත්කමේදි සිරුර ඇතුල බැලිමට යොදාගන්නා උපකරණයක්) සමග පරීක්ෂා කිරිමට යෙදුනා. රෝහලේ සේවකයන් කිහිපදෙනෙකු සිය නිදහස් කාලය තුළ මෙම සුවිශේෂී ව්‍යාපෘතියට උදව් කරල තිබුනා. පිරිසේ ප්‍රධාන වෛද්‍යවරයා විසින් , පපු සහ උදර කුහරයන් තුල තිබු තවමත් හඳුනා නොගත් ද්‍රව්‍ය සාම්පල් පරීක්ෂාවට ලක් කළා.වරක් අවයව පිහිටි එම ස්ථානවල ජරාවට පත් වි ගිය ශරීරයේ ද්‍රව්‍යමය කොටස් ඒ වගේම පුරාණ චීන අක්ෂර මුද්‍රනය කරන ලද පරන පත්තර පිටුත් දක්නට ලැබුනා.
 


එසේම අස්ථි සාම්පල DNA පරීක්ෂාවකට ලක්කිරිමටත් ඔවුන් කටයුතු කලා. මෙම පර්යේෂණ වාර්තාව Master Liuquan ශ්‍රාස්ත්‍රිය නිබන්ධනයේ පළ කරනු ඇත. මේ අතර එම මමිය දැනට හංගේරියාවට රැගෙන ගොස් ඇති අකර 2015 මැයි මස වන තෙක් එය හංගේරියාවේ බුඩාපෙස්ට් හි Natural History Museum ප්‍රදර්ශනය කරනු ඇති.

For centuries it was thought that this Buddha statue is just that, but a recent CT scan reveals that it is actually the vessel for the mummified remains of Chinese Buddhist master Liuquan. He lived over 900 years ago, around the year 1100 AD and his body has been preserved in this statue.The hospital: "He made a spectacular discovery: at the place where once had been organs, he found, among all kinds of rotten material, paper scraps that were printed with ancient Chinese characters.

this statue will be on display in Budapest at the Hungarian Natural History Museum. Researchers will soon be publishing what they found in their DNA testing of the bone samples.
 

Post a Comment

 
Top